Menu

තිලක් වර්මාගේ නායකත්වයෙන් එන ඉන්දීය සංචිතයේ සිටින අභිරහස් ක්‍රීඩකයා කෙරෙහි දැඩි අවධානයක්.ඊයේ දිවයිනට පැමිණෙයි

62


ශ්‍රී ලංකා A, ඇෆ්ඝනිස්තාන A සහ ඉන්දීය A කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත තීරණාත්මක තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් සහභාගී වන ඉන්දීය A සංචිතය අද පස්වරුවේ දිවයිනට පැමිණියා. ප්‍රබල ක්‍රීඩක තිලක් වර්මාගේ නායකත්වයෙන් යුත් මෙම ඉන්දීය සංචිතය තුළ කාගේත් දැඩි අවධානයක් දිනාගත් සුවිශේෂීම ක්‍රීඩකයා වන්නේ වයස අවුරුදු 15ක් වන යොවුන් ක්‍රීඩක වෛභව් සූර්යවංශියි.

මෙතරම් ළාබාල වයසකදී ඔහු මෙම සංචිතයට ඇතුළත් වීම බොහෝ දෙනාගේ විමතියට මෙන්ම කුතුහලයටද හේතු වී තිබෙනවා. කෙසේ වෙතත්, මෙම උණුසුම් තුන්කොන් තරගාවලියේ පළමු තරගය ලබන 9 වැනිදා ශ්‍රී ලංකා A කණ්ඩායම සහ ඉන්දීය A කණ්ඩායම අතර ඉතා තියුණු මුහුණුවරකින් පැවැත්වීමට නියමිතව තිබෙනවා.




නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න 
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *