Menu

2027 ආසියානු කුසලානය ගැන ලෝක කුසලානයට පෙර ආසියානු ක්‍රිකට් කවුන්සිලයෙන් ගත් හදිසි තීරණය මෙන්න

39


ලෝක ක්‍රිකට් පිටියම උඩුයටිකුරු කරමින් 2027 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ ඉතා තීරණාත්මක නිල ප්‍රකාශයක් ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව 2027 වසරේදී බංග්ලාදේශයේදී පැවැත්වීමට නියමිත ආසියානු කුසලානය සම්පූර්ණයෙන්ම එක්දින තරග රටාව යටතේ ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

මෙම තීරණයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ එම වසරේම අගභාගයේදී පැවැත්වෙන 2027 අයිසීසී එක්දින ලෝක කුසලාන තරගාවලියයි. ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය යන ආසියාවේ ප්‍රබලතම කණ්ඩායම් සඳහා ලෝක කුසලාන සටනට පෙර සිය කණ්ඩායම් වල උපරිම සූදානම උරගා බැලීමට ලැබෙන අවසන් සහ හොඳම අවස්ථාව මෙය වනු නිසැකයි.



නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න 
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *