Menu

සුපිරි ක්‍රීඩක විරාට් කෝලිගේ පරණ යාලුවා! ලොවක් හඳුනන සුපිරි පිතිකරු විරාට් කෝලි ඉදිරියේ මනීෂ් පාණ්ඩේ කළ කැපී පෙනෙන ක්‍රියාව

88

වසර 2008 දී ඉන්දියාව වෙනුවෙන් 19න් පහළ ලෝක ශූරතාවය දිනාගත් තරු දෙකක් වූ විරාට් කෝලි සහ මනීෂ් පාණ්ඩේ එදා තම ගමන ආරම්භ කළේ එකම සිහින සහ එකම බලාපොරොත්තු සහිතවය.

අයි පී එල් ඉතිහාසයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් එකම අන්තයක ක්‍රීඩා කරමින් මනීෂ් පාණ්ඩේ ඉන්දීය පිතිකරුවෙකු රැස් කළ ප්‍රථම අයි පී එල් ශතකය වාර්තා කරද්දී අනෙක් අන්තයේ සිට ඔහුට සුබ පතන්නට එදා සිටියේ විරාට් කෝලිය.

කාලයත් සමඟ කෝලි ලෝකයේ අංක එකේ පිතිකරුවා බවට පත්වෙමින් වාර්තා පිට වාර්තා තබද්දී, මනීෂ් පාණ්ඩේට විවිධ කණ්ඩායම් කරා යෑමටත්, ආබාධ සහ දක්ෂතා අතර අතරමං වීමටත් සිදු විය. පාණ්ඩේ කොල්කටා කණ්ඩායමට ශූරතාවය දිනා දීමට වීරයෙකු වූවත්, අද ඔහු ඉතා අඩු මුදලකට නැවතත් එම කණ්ඩායමටම එක්ව සිටී. කෝලි සිය 9 වැනි අයි පී එල් ශතකය වාර්තා කරමින් ඉතිහාසගත වෙද්දී, වසර 17කට පෙර එදා තමන් ලැබූ සුබපැතුම අද මනීෂ් පාණ්ඩේ නැවතත් කෝලි වෙත ලබා දෙනු දක්නට ලැබුණි.

මිනිසුන් දෙදෙනෙකුගේ ජීවන ගමන් මඟ දෛවය සහ වාසනාව මත කෙතරම් වෙනස් විය හැකිද යන්නට මෙය කදිම නිදසුනකි. කෝලි වැඩිම ශතක ලාභියා ලෙස කිරුළු පලඳින විට, අයි පී එල් ඉතිහාසයේ පළමු ඉන්දීය ශතක ලාභියා ලෙස මනීෂ් පාණ්ඩේගේ නම සදාකාලිකවම රන් අකුරින් ලියැවී තිබෙනු ඇත.

⚠️ නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න ⚠️https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *