Menu

එංගලන්තයට එරෙහිව තරග 6ක සුපිරි සටනකට සැප්තැම්බර් 15 දා ශ්‍රී ලංකාව පිටත්වෙයි

109


Cardiff, Manchester සහ London හිදී සිංහයන් මුහුණදෙන එංගලන්ත සුදු පන්දු සටනේ සම්පූර්ණ කාලසටහන මෙන්න


්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියකට සහභාගී වීම සඳහා එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතව තිබේ. තරග 6කින් සමන්විත මෙම ප්‍රබල සටන පුරා දින 13ක් පුරා ක්‍රියාත්මක වන අතර, ඊට විස්සයි20 (T20I) තරග 3ක් සහ එක්දින (ODI) තරග 3ක් ඇතුළත් වේ.

එංගලන්තයේ සහ වේල්සයේ ප්‍රධානතම නගර සහ ක්‍රීඩාංගණ 6කදී මෙම උණුසුම් තරග පැවැත්වීමට සංවිධායකයින් කටයුතු යොදා ඇත.

පන්දුවාර 20-20 තරගාවලිය

සංචාරයේ මුලින්ම පැවැත්වෙන්නේ ප්‍රේක්ෂකයින් මහත් කුතුහලයෙන් මගබලන පන්දුවාර 20-20 තරගාවලියයි.

එහි සමාරම්භක පළමු T20I තරගය සැප්තැම්බර් 15 වනදා Southampton හි Utilita Bowl ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

අනතුරුව දෙවන T20I තරගය සැප්තැම්බර් 17 වනදා Cardiff හි Sophia Gardens හිදීද,

තෙවන හා අවසන් T20I තරගය සැප්තැම්බර් 19 වනදා Manchester හි Emirates Old Trafford හිදීද පැවැත්වීමට නියමිතය.

එක්දින (ODI) තරගාවලිය

විස්සයි20 සටනින් පසු දෙපිල අතර පැවැත්වෙන එක්දින (ODI) තරගාවලිය ආරම්භ වන්නේ සැප්තැම්බර් 22 වනදා Durham හි Banks Homes Riverside ක්‍රීඩාංගණයෙනි.

දෙවන ODI තරගය සැප්තැම්බර් 24 වනදා Leeds හි Headingley ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර,

මුළු තරග සංචාරයේම තීරණාත්මක අවසන් ODI තරගය සැප්තැම්බර් 27 වනදා London හි සුප්‍රකට The Kia Oval ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.


එංගලන්ත තණතීරු මත සිංහයන් දැක්වූ පැරණි දක්ෂතා නැවත මතක් කරමින්, දසුන් ශානක, කුසල් මෙන්ඩිස්, පැතුම් නිශ්ශංක සහ කමිඳු මෙන්ඩිස් ඇතුළු ශ්‍රී ලංකා ප්‍රහාරක පිතිකරුවන් මෙන්ම දුනිත් වෙල්ලාලගේ සහ මහීෂ් තීක්ෂණ ඇතුළු පන්දු යවන්නන් එකිනෙකා පරයා කැපී පෙනෙන දක්ෂතා දක්වනු ඇතැයි ප්‍රේක්ෂකයෝ දැඩි බලාපොරොත්තුවෙන් පසුවෙති. එංගලන්තයේ ප්‍රබල සූරයින් හමුවේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දක්වන දක්ෂතා සහ මෙම සුදු පන්දු තරගාවලියේ ජයග්‍රහණය හිමිකර ගන්නේ කවුරුන්ද යන්න පිළිබඳව මුළු ක්‍රිකට් ලෝකයේම අවධානය යොමුවී තිබේ.



නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න 
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *