Menu

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ටෙස්ට් ඉතිහාසය වෙනස් කළ ශ්‍රී ලංකාවේ වාර්තාගත පුවරුව මෙන්න.

235

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ආරම්භක දිනයේදීම සුවිශේෂී ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරඟයේ එක් අවස්ථාවක ලකුණු 43ක් වැනි අඩු මට්ටමකට මුල් කඩුලු 3ම බිඳවැටී දැඩි පීඩනයකට ලක්ව සිටි ශ්‍රී ලංකා ඉනිම ඉන් මුදාගැනීමට නායක ධනංජය ද සිල්වා සමත් වූයේ අති විශිෂ්ට නායකත්වයේ ඉනිමක් දියත් කරමිනි.

ඔහු පන්දු 168කදී අගනා ලකුණු 120ක් රැස් කරමින් කණ්ඩායමේ ජයග්‍රාහී මඟ සකස් කළේය. ධනංජයට අනගි සහයක් දුන් දිනේෂ් චන්දිමාල් පන්දු 67කදී වේගවත් ලකුණු 54ක් රැස් කළ අතර, නවක ක්‍රීඩක සොනාල් දිනූෂ පන්දු 75කදී ලකුණු 43ක් සහ මිලාන් රත්නායක පන්දු 52කදී ලකුණු 27ක් ලබා ගනිමින් පසුපෙළ ඉනිම බෙහෙවින් ශක්තිමත් කළහ.

— Dhananjaya De Silva : 1️⃣2️⃣0️⃣ (168)
— Dinesh Chandimal : 54(67)
— Sonal Dinusha : 43(75)
— Milan Rathnayake : 27(52)



මොවුන්ගේ දක්ෂ සබඳතා හේතුවෙන් පළමු දිනය අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 308ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් විය. මෙය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ආරම්භක දිනයකදී ශ්‍රී ලංකා කණ්ඩායමක් ගොඩනැගූ ඉහළම සහ දැවැන්තම ලකුණු පුවරුව ලෙස වාර්තා පොත් අතරට එක් වේ. මුල් පෙළ බිඳවැටීමෙන් පසු සිංහයින් දැක්වූ මෙම අභීත සටන්කාමීත්වය ලෝක ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ දැඩි ප්‍රශංසාවට මෙන්ම අවධානයට ද ලක්ව ඇත.

නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න 
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *