Menu

ඉන්දීය ක්‍රිකට් ඉතිහාසය රන් තරුව ඊයේ සමුගනී! ක්‍රිකට් ලෝලීන් හඬා වැටෙයි.

238

ඉන්දීය ක්‍රිකට් ඉතිහාසය රන් අකුරින් ලියැවුණු සුවිශේෂී ජයග්‍රහණයක අවසන් සාක්ෂිකරුවා වූ සී.ඩී. ගෝපිනාත් මහතා චෙන්නායිහිදී අද (9) අභාවප්‍රාප්ත විය.

1952 වසරේ දී එංගලන්තය පරාජය කරමින් ඉන්දියාව සිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මංගල ජය ලැබූ කණ්ඩායමේ, අවසන් 11දෙනාගෙන් ජීවත්ව සිටි එකම ක්‍රීඩකයා ඔහු විය.

මිය යනවිට 96වන වියේ පසුවූ ගෝපිනාත් මහතා, ඉන්දියාවේ වයස්ගතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාය. එමෙන්ම ඔහු ඔස්ට්‍රේලියාවේ නීල් හාවිගෙන් පසු ලොව ජීවත්ව සිටි දෙවන වයස්ගතම ක්‍රීඩකයාද වී සිටියේය.

1930 මාර්තු 1 වනදා උපත ලැබූ ගෝපිනාත්, ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 8කට ක්‍රීඩාකර ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *