ලෝක ක්‍රිකට් පිටියේ දැවැන්තයින් පවා මවිතයට පත් කරමින් පන්දුවට පහර දෙන 15 හැවිරිදි වෛබාව් සූර්යවංශී, එළඹෙන ජුනි මාසයේදී ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට සූදානම් වන බවට වාර්තා පළ වේ.
ජුනි මස 26 වනදා ආරම්භ වීමට නියමිත අයර්ලන්ත විස්සයි 20 තරග සංචාරය සඳහා ඔහුව කැඳවීමට ඉන්දීය තේරීම් කමිටුවේ අවධානය යොමුවී ඇති අතර, මෙය ක්‍රිකට් ලෝලීන් අතර විශාල කුතුහලයක් මෙන්ම බලාපොරොත්තුවක් ද ඇති කර තිබේ. යම් හෙයකින් මෙම තරගාවලියේදී ඔහුට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණහොත්, ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කරන ලාබාලතම ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක්වෙමින් ඔහු අසමසම වාර්තාවක් පිහිටුවනු ඇත.
දැනට මෙම වාර්තාවට හිමිකම් කියන සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් වයස අවුරුදු 16 දී ජාත්‍යන්තර වරම් දිනාගත් අතර, වෛබාව්ට එම වාර්තාව අබිබවා යාමට මනා අවස්ථාවක් උදා වී තිබේ. මෑතකදී පැවති අයි.පී.එල් (IPL) තරගාවලියේදී සහ 19න් පහළ ලෝක කුසලාන අවසන් මහා තරගයේදී එංගලන්තයට එරෙහිව පන්දු 80කින් ලකුණු 175ක් රැස් කරමින් දැක්වූ සුපිරි දස්කම් හේතුවෙන් වෛබාව් පිළිබඳව මුළු ලෝකයේම අවධානය මේ වන විට යොමුවී පවතී.


PSL ඉතිරි බලාපොරොත්තු ශ්‍රී ලංකා ප්‍රහාරකයා අතට. තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක්ට කොළ එළීයක්.
චෙන්නායි සුපර් කින්ග්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර පැවති මෙම ගැටුම ඉන්දියාවේ උඩු දුවයි! පරිපාලනයට බාධා
සංගක්කාරගේ රාජස්ථාන් කඳවුර කැළඹෙයි – ප්‍රධාන කළමනාකරුට එරෙහිව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් දැඩි පියවරක්
මුදලට වඩා රට වෙනුවෙන් ටෙස්ට් සිහිනය ලොකු වූ ලංකාවේ අභිමානය! ලාංකික තරුණයාගේ හෙළිදරව්ව මෙන්න
IPL ඉතිහාසයේ පළමු වරට කෝලිගෙන් වෙනස්ම පිම්මක්! ඊයේ ක්‍රීඩාංගණයම නිහඬ කරයි.
පාකිස්තාන ක්‍රිකට් පිටිය සිංහල අවුරුදු සිරියෙන් හැඩවේ! කුසල් සහ දුනිත් වෙනුවෙන් පාකිස්තානයේදී අවුරුදු උත්සවයක් (ඡායාරූප සහිතයි )