Menu

දනුශ්ක ගුණතිලකගේ සුපිරි ඉනිම ලෙජන්ඩ් ලීග් අවසන් මහා තරගය ගිනියම් කරයි.

244

ලෙජන්ඩ් ලීග් අවසන් මහා තරගය අද රාත්‍රී ගිනියම් විය. ඊට හේතුව, ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු දනුශ්ක ගුණතිලකගේ අතිවිශිෂ්ට ඉනිමයි. බොහෝ දෙනාගේ බලාපොරොත්තුවක් වූ ඔහු, මෙවර කණ්ඩායමේ ජයග්‍රහණය තනිවම තහවුරු කළේය.

කලින් තරගයේදී බෝල 30කට ලකුණු 77ක් ගහලා තරගයේ වීරයා වූ ඔහු, අද අවසන් මහා තරගයේදී අනර්ඝ ශතක ඉනිමක් දියත් කරමින් පන්දු 63කින් නොදැවී ලකුණු 112ක් රැස් කරගන්න සමත් විය.

මෙම ප්‍රහාරාත්මක ඉනිම හැඩ කරගන්න ඔහු හතරේ පහරවල් 12ක් සහ හයේ පහරවල් 6කුත් සන්නද්ධ කළේය. ඔහුගේ ප්‍රහාරාත්මක වේගය සටහන් වුනේ 177.78ක් විදිහටයි. මෙම දක්ෂතාවය නිසා දනුශ්ක ගුණතිලකගේ රිටයර් වීමට හේතුව ක්‍රිකට් ලෝලීන් අතර නැවතත් කතාබහට ලක් වී ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *