Menu

IPL ඉතිහාසය උඩුයටිකුරු කළ 15 හැවිරිදි තරුව ඉතිහාසගත පිතිකරණයක්!

228

රිකට් ක්‍රීඩාවේ අනාගතය රැගෙන යන තරුණ පරපුරේ විස්මිත හැකියාවන් පිළිබඳව අප අසා තිබුණ ද, අද වාර්තා වූ සිදුවීම මුළු ක්‍රිකට් ලෝකයම මවිතයට පත් කර ඇත.

IPL ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතක අතරට එක්වෙමින්, පන්දු 15 කින් ලකුනු 50 සීමාව පසුකරන්නට, එක් 15 හැවිරිදි ක්‍රීඩකයෙකු සමත් විය. මෙය වඩාත් සුවිශේෂී වන්නේ, අනෙක් සියලුම පිතිකරුවන් අන්ත අසරණ වු අසීරු තණතීරුවකදී ඔහු මෙම දස්කම ප්‍රදර්ශනය කිරීමයි. ලකුනු 128 ක ඉලක්කයක් හඹායද්දී මෙම පිතිකරුවා පෑ වික්‍රමය, CSK පන්දුයවන්නන් හට දරාගත නොහැකි විය.

15 හැවිරිදි වියේ පසුවන මේ කුඩා ක්‍රීඩකයා පන්දු 15 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 5 ක් එල්ල කරමින් ප්‍රබල ක්‍රීඩකයෙකුගේ දස්කම් ප්‍රදර්ශනය කළේය. තවමත් 15 හැවිරිදි වියේ පසුවන, මීට දින කිහිපයකට පෙර පමණක් එම වයසට පා තැබූ, වෛබාව් සූර්යවංශීගේ මෙම දස්කම ක්‍රිකට් ලෝකයේ නව පෙරළියක ආරම්භයක් ලෙස සැලකිය හැකිය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *