Menu

PSL ඉතිරි බලාපොරොත්තු ශ්‍රී ලංකා ප්‍රහාරකයා අතට. තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක්ට කොළ එළීයක්.

89

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ පිතිකරු දිනේෂ් චන්දිමාල් මෙවර පාකිස්ථාන සුපර් ලීග් තරගාවලිය සඳහා ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමඟින් නිල වශයෙන් එක් වී ඇති බව වාර්තා වනවා. තරගාවලියේ ඉතිරිව ඇති තීරණාත්මක තරග සඳහා තම සංචිතය ශක්තිමත් කිරීමේ අරමුණින් ක්වෙට්ටා කළමනාකාරිත්වය විසින් මෙම තීරණය ගෙන ඇති අතර, ඔහු කණ්ඩායම සමඟ එක්වීම එම කඳවුරේ නව පිබිදීමක් ඇති කිරීමට සමත්ව තිබෙනවා.

චන්දිමාල් වැනි පළපුරුදු ක්‍රීඩකයෙකු මැදපෙළ පිතිකරණයට එක්වීම කණ්ඩායමේ ස්ථාවරත්වයට විශාල රුකුලක් වනු ඇති බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.

විශේෂයෙන්ම පසුගිය වසරේ පාකිස්ථාන සුපර් ලීග් තරගාවලියේදී ද ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කළ චන්දිමාල්, එහිදී ඉතා කැපී පෙනෙන දක්ෂතා අතරට පැමිණීමට සමත් වුණා.

හදිසි කැඳවීමක් මත තරගාවලිය අතරතුර කණ්ඩායමට එක්වුවද, ඔහු දැක්වූ පිතිකරණ දස්කම් පාකිස්ථාන ප්‍රේක්ෂකයින්ගේ පවා දැඩි පැසසුමට ලක් වූ බව නොරහසක්. එම අතීත අත්දැකීම් සහ වර්තමාන දක්ෂතා සැලකිල්ලට ගනිමින් මෙවරත් ඔහුගෙන් එවැනිම ප්‍රහාරාත්මක ඉනිම් කිහිපයක් බලාපොරොත්තුවෙන් ග්ලැඩියේටර්ස් පිල ඔහු කෙරෙහි දැඩි විශ්වාසයක් තබා තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *