Menu

විරාට් කෝලි ගැන ඔබ මෙතෙක් නොදැන සිටි රහසක් RCB ප්‍රධානියා ලෝකයටම පවසයි. RCB කඳවුර දෙදරා යයි.

189

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ කළමනාකාරීත්වය විසින් ගන්නා සෑම තීරණයක් පිටුපසම විරාට් කෝලි සිටින බවත්, ඔහු කණ්ඩායමේ ක්‍රියාවලියට දක්වන දායකත්වය බොහෝ දෙනා සිතනවාට වඩා බෙහෙවින් ගැඹුරු බවත් එම කණ්ඩායමේ ප්‍රධාන විධායක නිලධාරී රාජේෂ් මෙනන් පවසයි.

විශේෂයෙන්ම රජත් පටිඩාර්ව නායකත්වයට පත් කිරීමට ගත් තීරණය පවා කෝලිගේ මැදිහත්වීමෙන් සිදු වූවක් බවත්, තරගයක් සඳහා ක්‍රීඩා කරන අවසාන එකොළොස් දෙනා තෝරාගැනීමේ සිට ක්‍රීඩක වෙන්දේසියේදී කණ්ඩායමට එක් කරගත යුතු ක්‍රීඩකයින් පිළිබඳව තීරණය කරන සෑම සාකච්ඡාවකදීම ඔහු ප්‍රධාන කොටස්කරුවෙකු ලෙස කටයුතු කරන බවත් ඔහු අවධාරණය කරයි.

බොහෝ දෙනා විරාට් කෝලි දෙස බලන්නේ පිත්තෙන් පමණක් දායකත්වය ලබා දෙන ක්‍රීඩකයෙකු ලෙස වුවත්, ඇත්ත වශයෙන්ම ඔහු තිරය පිටුපස සිට සැබෑ නායකයෙකු මෙන් කණ්ඩායමේ සෑම අංශයක්ම මෙහෙයවන බවයි රාජේෂ් මෙනන් වැඩිදුරටත් අනාවරණය කර සිටින්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *