පාකිස්ථාන සුපර් ලීග් තරග බිමේ සිය ආධිපත්‍යය යලිත් වරක් තහවුරු කරමින් පෙෂාවර් සල්මි කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකාවේ ප්‍රහාරක පිතිකරු කුසල් මෙන්ඩිස් අතිවිශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත් වුණා.
මුල්තාන් සුල්තාන් කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තීරණාත්මක තරගයේදී පිටිය සිසාරා එල්ල කළ මනරම් හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් සමඟින් පන්දු 40ක් වැනි කෙටි කාලයකදී ලකුණු 68ක් රැස් කරමින් ඔහු සිය කණ්ඩායම ලකුණු 24ක විශිෂ්ට ජයග්‍රහණයක් කරා රැගෙන ගියා.
මෙම සුපිරි දස්කමත් සමඟින් වත්මන් තරගාවලියේ වැඩිම ලකුණුලාභියා ලෙස පෙරමුණ ගැනීමට කුසල් සමත් වී ඇති අතර ඔහු මෙතෙක් ක්‍රීඩා කළ තරග 5 තුළදී එක් ශතකයක් සහ අර්ධ ශතක 2ක් ඇතුළුව ලකුණු 309ක් ලබාගනිමින් මුළු ලෝකයේම අවධානය දිනා ගැනීමට සමත් වී සිටිනවා. මෙම අසමසම දක්ෂතාවය හේතුවෙන් පී එස් එල් තරගාවලියේ වඩාත්ම භයානක පිතිකරුවා ලෙස මේ වන විට බොහෝ දෙනා ඔහු හඳුන්වනු ලබනවා.


PSL ඉතිරි බලාපොරොත්තු ශ්‍රී ලංකා ප්‍රහාරකයා අතට. තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක්ට කොළ එළීයක්.
චෙන්නායි සුපර් කින්ග්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර පැවති මෙම ගැටුම ඉන්දියාවේ උඩු දුවයි! පරිපාලනයට බාධා
සංගක්කාරගේ රාජස්ථාන් කඳවුර කැළඹෙයි – ප්‍රධාන කළමනාකරුට එරෙහිව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් දැඩි පියවරක්
මුදලට වඩා රට වෙනුවෙන් ටෙස්ට් සිහිනය ලොකු වූ ලංකාවේ අභිමානය! ලාංකික තරුණයාගේ හෙළිදරව්ව මෙන්න
IPL ඉතිහාසයේ පළමු වරට කෝලිගෙන් වෙනස්ම පිම්මක්! ඊයේ ක්‍රීඩාංගණයම නිහඬ කරයි.
පාකිස්තාන ක්‍රිකට් පිටිය සිංහල අවුරුදු සිරියෙන් හැඩවේ! කුසල් සහ දුනිත් වෙනුවෙන් පාකිස්තානයේදී අවුරුදු උත්සවයක් (ඡායාරූප සහිතයි )