රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ කළමනාකාරීත්වය විසින් ගන්නා සෑම තීරණයක් පිටුපසම විරාට් කෝලි සිටින බවත්, ඔහු කණ්ඩායමේ ක්‍රියාවලියට දක්වන දායකත්වය බොහෝ දෙනා සිතනවාට වඩා බෙහෙවින් ගැඹුරු බවත් එම කණ්ඩායමේ ප්‍රධාන විධායක නිලධාරී රාජේෂ් මෙනන් පවසයි.
විශේෂයෙන්ම රජත් පටිඩාර්ව නායකත්වයට පත් කිරීමට ගත් තීරණය පවා කෝලිගේ මැදිහත්වීමෙන් සිදු වූවක් බවත්, තරගයක් සඳහා ක්‍රීඩා කරන අවසාන එකොළොස් දෙනා තෝරාගැනීමේ සිට ක්‍රීඩක වෙන්දේසියේදී කණ්ඩායමට එක් කරගත යුතු ක්‍රීඩකයින් පිළිබඳව තීරණය කරන සෑම සාකච්ඡාවකදීම ඔහු ප්‍රධාන කොටස්කරුවෙකු ලෙස කටයුතු කරන බවත් ඔහු අවධාරණය කරයි.
බොහෝ දෙනා විරාට් කෝලි දෙස බලන්නේ පිත්තෙන් පමණක් දායකත්වය ලබා දෙන ක්‍රීඩකයෙකු ලෙස වුවත්, ඇත්ත වශයෙන්ම ඔහු තිරය පිටුපස සිට සැබෑ නායකයෙකු මෙන් කණ්ඩායමේ සෑම අංශයක්ම මෙහෙයවන බවයි රාජේෂ් මෙනන් වැඩිදුරටත් අනාවරණය කර සිටින්නේ.


PSL ඉතිරි බලාපොරොත්තු ශ්‍රී ලංකා ප්‍රහාරකයා අතට. තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක්ට කොළ එළීයක්.
චෙන්නායි සුපර් කින්ග්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර පැවති මෙම ගැටුම ඉන්දියාවේ උඩු දුවයි! පරිපාලනයට බාධා
සංගක්කාරගේ රාජස්ථාන් කඳවුර කැළඹෙයි – ප්‍රධාන කළමනාකරුට එරෙහිව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් දැඩි පියවරක්
මුදලට වඩා රට වෙනුවෙන් ටෙස්ට් සිහිනය ලොකු වූ ලංකාවේ අභිමානය! ලාංකික තරුණයාගේ හෙළිදරව්ව මෙන්න
IPL ඉතිහාසයේ පළමු වරට කෝලිගෙන් වෙනස්ම පිම්මක්! ඊයේ ක්‍රීඩාංගණයම නිහඬ කරයි.
පාකිස්තාන ක්‍රිකට් පිටිය සිංහල අවුරුදු සිරියෙන් හැඩවේ! කුසල් සහ දුනිත් වෙනුවෙන් පාකිස්තානයේදී අවුරුදු උත්සවයක් (ඡායාරූප සහිතයි )