Menu

IPL ඉතිහාසයේ පළමු වරට කෝලිගෙන් වෙනස්ම පිම්මක්! ඊයේ ක්‍රීඩාංගණයම නිහඬ කරයි.

140

අයි.පී.එල්. තරගාවලි ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් විරාත් කෝලි පළමු වරට “ඉම්පැක්ට් ප්ලේයර්” (Impact Player) ලෙස පිටියට පිවිස ප්‍රේක්ෂකයින් මහත් කුතුහලයට පත් කිරීමට සමත් විය.

ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව පැවැති මෙම තීරණාත්මක තරගයේදී ඉතාමත් ආකර්ෂණීය ඉනිමක් දියත් කළ ඔහු, සිය අර්ධ ශතකයට එක් ලකුණක් පමණක් තිබියදී දැවී යාම ක්‍රීඩාංගණයේ සිටි දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් මෙන්ම ලොව පුරා විසිරී සිටින කෝලි ලෝලීන් ද දැඩි කණගාටුවට පත් කළ සිදුවීමක් විය.

ලක්නව් පිලේ අවේශ් ඛාන් යොමු කළ තීරණාත්මක පන්දුවක් හමුවේ කෝලි දැවී යන විට ඔහු පන්දු 34කදී හතරේ පහර 6ක් සහ එක් දැවැන්ත හයේ පහරක් සමඟින් ලකුණු 49ක් රැස් කරගෙන සිටියේය. 144.12ක වේගවත් ලකුණු වේගයක් පවත්වා ගනිමින් තම කණ්ඩායමට ශක්තිමත් පදනමක් දැමීමට ඔහු සමත් උනා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *