Menu

මුදලට වඩා රට වෙනුවෙන් ටෙස්ට් සිහිනය ලොකු වූ ලංකාවේ අභිමානය! ලාංකික තරුණයාගේ හෙළිදරව්ව මෙන්න

109

ශ්‍රී ලංකාවේ පවන් රත්නායක ක්‍රිකට් ලොවම මවිතයට පත් කරමින් ඉතාමත් අභිමානවත් තීරණයක් ගෙන තිබේ.පාකිස්තාන සුපර් ලීග් (PSL 2026) තරගාවලිය සඳහා ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමෙන් ලැබුණු වටිනා කොන්ත්‍රාත්තුවක් ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇත්තේ තම මව්බිම වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගැනීමේ උතුම් සිහිනය සැබෑ කරගැනීම සඳහායි.

කෙටි තරග රටාවලින් ලැබෙන අධික මුදලට වඩා රට නියෝජනය කරමින් සුදු ඇඳුමෙන් සැරසී ක්‍රීඩා කිරීමට ඇති කැමැත්ත ප්‍රදර්ශනය කළ පවන්, තම සම්පූර්ණ අවධානය දේශීය පළමු පෙළ තරගාවලි සහ ටෙස්ට් සංචිතයට ඇතුළත් වීම සඳහා යොමු කිරීමට තීරණය කර ඇත.

අතීතයේ දිනෙෂ් චන්දිමාල් වැනි ක්‍රීඩකයින් රට වෙනුවෙන් ගත් මෙවැනිම තීරණ ක්‍රිකට් ලෝලීන්ට නැවතත් මතක් කර දෙන පවන් රත්නායක, වර්තමාන වාණිජ්‍යකරණය වූ ක්‍රිකට් ක්‍රීඩාව තුළ සොයාගත නොහැකි ආකාරයේ සැබෑ දේශප්‍රේමී ක්‍රීඩකයෙකු බව ඔප්පු කර හමාරය

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *