Menu

සංගක්කාරගේ රාජස්ථාන් කඳවුර කැළඹෙයි – ප්‍රධාන කළමනාකරුට එරෙහිව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් දැඩි පියවරක්

87

කුමාර් සංගක්කාර ප්‍රධාන පුහුණුකාරීත්වය දරන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මේ වන විට දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටින්නේ එහි කණ්ඩායම් කළමනාකරු වන රෝම් බින්දර්ට එරෙහිව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිල විමර්ශනයක් ආරම්භ කිරීමත් සමඟයි.

පසුගිය සිකුරාදා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමඟ පැවැති තීරණාත්මක තරගය අතරතුර, ක්‍රීඩකයන්ට පමණක් සීමා වූ ‘ඩග් අවුට්’ ප්‍රදේශයේ සිට ඔහු ජංගම දුරකථනයක් භාවිතා කරන අයුරු රූපවාහිනී කැමරාවල සටහන් වීම මෙම ආන්දෝලනයට මුල පුරා තිබෙනවා. වෛභව් සූර්යවංශි අසල වාඩි වී සිටි බින්දර්ගේ මෙම ක්‍රියාව දූෂණ විරෝධී නීති රීති බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන එල්ල වන්නට වූයේ තරග පාවාදීම් වැනි දූෂිත ක්‍රියාවන් වැළැක්වීම සඳහා ක්‍රීඩාංගණයේ එවැනි කලාප තුළ දුරකථන භාවිතය දැඩි ලෙස තහනම් කර ඇති පසුබිමකයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධී සහ ආරක්ෂක ඒකකය රෝම් බින්දර් වෙත නිල නොතීසියක් නිකුත් කරමින්, අදාළ අවස්ථාවේදී දුරකථනය භාවිත කිරීමට හේතු වූ කරුණු පැහැදිලි කිරීම සඳහා පැය 48 ක සහන කාලයක් ලබා දී තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *