Menu

චෙන්නායි සුපර් කින්ග්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර පැවති මෙම ගැටුම ඉන්දියාවේ උඩු දුවයි! පරිපාලනයට බාධා

119

පසුගිය 05 වනදා බෙංගලෝර්හිදී පැවති උණුසුම් අයි.පී.එල් තරගය ක්‍රිකට් ක්‍රීඩාව අභිබවා ගිය වෙනත් අමිහිරි සිදුවීමක් හේතුවෙන් මේ වන විට මුළු ඉන්දියාවේම දැඩි අවධානයට ලක්ව තිබෙනවා.

චෙන්නායි සුපර් කින්ග්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර පැවති මෙම ගැටුම අතරතුර ක්‍රීඩාංගණයේ සංගීතය හසුරුවන්නා හෙවත් ඩීජේ ශිල්පියා විසින් අනුගමනය කළ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් චෙන්නායි කණ්ඩායම නිල වශයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත සිය විරෝධය පළ කර තිබෙනවා.

වාර්තා වන පරිදි, චෙන්නායි කණ්ඩායම සිය ඉනිම ආරම්භ කිරීමට සූදානම් වන අවස්ථාවේදී සහ තරගයේ තීරණාත්මක මොහොතවල් කිහිපයකදීම දකුණු ඉන්දියානු අනන්‍යතාවය සහ ආහාර සංස්කෘතිය උපහාසයට ලක් කෙරෙන ආකාරයේ ගීත ඛණ්ඩ වාදනය කිරීමට මෙම ශිල්පියා කටයුතු කර ඇති බවයි පැවසෙන්නේ.

විශේෂයෙන්ම “dosa, idli, sambar, chutney chutney” යනුවෙන් සඳහන් වන ගීතයක් කිහිප වරක්ම වාදනය කරමින් චෙන්නායි ක්‍රීඩකයින්ගේ තමිල්නාඩු මූලයන් උපහාසයට ලක් කර ඇති බවට චෙන්නායි කළමනාකාරිත්වය පෙන්වා දෙනවා. සංගීත ශිල්පීන් සත්කාරක කණ්ඩායමට සහය දැක්විය යුතු වුවත්, ප්‍රතිවිරුද්ධ කණ්ඩායමේ ක්‍රීඩකයින්ට අපහාස වන පරිදි සහ ජාතිවාදී ස්වරූපයක් ගන්නා ආකාරයට කටයුතු කිරීම ක්‍රීඩාවේ ජීව ගුණයට පටහැනි බවයි චෙන්නායි කළමනාකාර අධ්‍යක්ෂ කාසි විශ්වනාදන් ප්‍රකාශ කර ඇත්තේ

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *