ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ පිතිකරු දිනේෂ් චන්දිමාල් මෙවර පාකිස්ථාන සුපර් ලීග් තරගාවලිය සඳහා ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමඟින් නිල වශයෙන් එක් වී ඇති බව වාර්තා වනවා. තරගාවලියේ ඉතිරිව ඇති තීරණාත්මක තරග සඳහා තම සංචිතය ශක්තිමත් කිරීමේ අරමුණින් ක්වෙට්ටා කළමනාකාරිත්වය විසින් මෙම තීරණය ගෙන ඇති අතර, ඔහු කණ්ඩායම සමඟ එක්වීම එම කඳවුරේ නව පිබිදීමක් ඇති කිරීමට සමත්ව තිබෙනවා.
චන්දිමාල් වැනි පළපුරුදු ක්‍රීඩකයෙකු මැදපෙළ පිතිකරණයට එක්වීම කණ්ඩායමේ ස්ථාවරත්වයට විශාල රුකුලක් වනු ඇති බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.
විශේෂයෙන්ම පසුගිය වසරේ පාකිස්ථාන සුපර් ලීග් තරගාවලියේදී ද ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කළ චන්දිමාල්, එහිදී ඉතා කැපී පෙනෙන දක්ෂතා අතරට පැමිණීමට සමත් වුණා.
හදිසි කැඳවීමක් මත තරගාවලිය අතරතුර කණ්ඩායමට එක්වුවද, ඔහු දැක්වූ පිතිකරණ දස්කම් පාකිස්ථාන ප්‍රේක්ෂකයින්ගේ පවා දැඩි පැසසුමට ලක් වූ බව නොරහසක්. එම අතීත අත්දැකීම් සහ වර්තමාන දක්ෂතා සැලකිල්ලට ගනිමින් මෙවරත් ඔහුගෙන් එවැනිම ප්‍රහාරාත්මක ඉනිම් කිහිපයක් බලාපොරොත්තුවෙන් ග්ලැඩියේටර්ස් පිල ඔහු කෙරෙහි දැඩි විශ්වාසයක් තබා තිබෙනවා.


චෙන්නායි සුපර් කින්ග්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර පැවති මෙම ගැටුම ඉන්දියාවේ උඩු දුවයි! පරිපාලනයට බාධා
සංගක්කාරගේ රාජස්ථාන් කඳවුර කැළඹෙයි – ප්‍රධාන කළමනාකරුට එරෙහිව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් දැඩි පියවරක්
මුදලට වඩා රට වෙනුවෙන් ටෙස්ට් සිහිනය ලොකු වූ ලංකාවේ අභිමානය! ලාංකික තරුණයාගේ හෙළිදරව්ව මෙන්න
IPL ඉතිහාසයේ පළමු වරට කෝලිගෙන් වෙනස්ම පිම්මක්! ඊයේ ක්‍රීඩාංගණයම නිහඬ කරයි.
පාකිස්තාන ක්‍රිකට් පිටිය සිංහල අවුරුදු සිරියෙන් හැඩවේ! කුසල් සහ දුනිත් වෙනුවෙන් පාකිස්තානයේදී අවුරුදු උත්සවයක් (ඡායාරූප සහිතයි )
විරාට් කෝලි ගැන ඔබ මෙතෙක් නොදැන සිටි රහසක් RCB ප්‍රධානියා ලෝකයටම පවසයි. RCB කඳවුර දෙදරා යයි.