Menu

ශ්‍රී ලංකා වොලිබෝල් පිලට සිව්වෙනි තැනින් නතරවීමට සිදුවෙයි

197

පාකි­ස්තා­නයේ ඉස්ලා­මා­බාද් නුව­රදී පැවති ආසි­යානු ජාතීන්ගේ පිරිමි වොලි­බෝල් තර­ගා­ව­ලියේ සිව්වැනි ස්ථාන­යෙන් තර­ගා­ව­ලිය නිමා කිරී­මට ශ්‍රී ලංකා කණ්ඩා­ය­මට ඊයේ සිදු විය.

තර­ගා­ව­ලියේ තෙවැනි ස්ථානය සඳහා ඊයේ කිරි­ගි­ස්තා­නය සමඟ පැවති තර­ග­යෙන් ශ්‍රී ලංකා­වට වට 3 – 1ක පරා­ජ­යක් අත්වීම හේතු­වෙන් සිව්වැනි ස්ථානය හිමි විය.

මේ තර­ගයේ පළමු සහ දෙවැනි වට­යන් 25 – 20ක් සහ 25 – 17ක් ලෙස ජය ගැනී­මට කිරි­ගි­ස්තා­නය සමත් වූ අතර, තෙවැනි වටය ශ්‍රී ලංකා පිල ජය ගත්තේ 25 – 20ක් ලෙසිනි. කෙසේ වෙතත් සිව්වැනි වටය ජය ගනි­මින් තෙවැනි ස්ථාන­යෙන් තර­ගා­ව­ලිය නිමා කිරී­මට කිරි­ගි­ස්තාන ක්‍රීඩ­කයෝ සමත් වූයේ ලකුණු 25 – 23ක් ලෙසිනි.

මේ අතර අප­රා­ජි­තව තර­ගා­ව­ලියේ ශූර­තාව දිනා ගැනී­මට සත්කා­රක පාකි­ස්තාන කණ්ඩා­යම සමත් විය. අව­සන් තර­ග­යේදී පාකි­ස්තා­නය හමුවේ වට 3-1කින් පරා­ජය වූ ටර්කි­මේ­නි­ස්තා­න­යට අනු­ශූ­ර­තාව හිමි විය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *