පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවති ආසියානු ජාතීන්ගේ පිරිමි වොලිබෝල් තරගාවලියේ සිව්වැනි ස්ථානයෙන් තරගාවලිය නිමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ සිදු විය.
තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා ඊයේ කිරිගිස්තානය සමඟ පැවති තරගයෙන් ශ්‍රී ලංකාවට වට 3 – 1ක පරාජයක් අත්වීම හේතුවෙන් සිව්වැනි ස්ථානය හිමි විය.
මේ තරගයේ පළමු සහ දෙවැනි වටයන් 25 – 20ක් සහ 25 – 17ක් ලෙස ජය ගැනීමට කිරිගිස්තානය සමත් වූ අතර, තෙවැනි වටය ශ්‍රී ලංකා පිල ජය ගත්තේ 25 – 20ක් ලෙසිනි. කෙසේ වෙතත් සිව්වැනි වටය ජය ගනිමින් තෙවැනි ස්ථානයෙන් තරගාවලිය නිමා කිරීමට කිරිගිස්තාන ක්‍රීඩකයෝ සමත් වූයේ ලකුණු 25 – 23ක් ලෙසිනි.
මේ අතර අපරාජිතව තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සත්කාරක පාකිස්තාන කණ්ඩායම සමත් විය. අවසන් තරගයේදී පාකිස්තානය හමුවේ වට 3-1කින් පරාජය වූ ටර්කිමේනිස්තානයට අනුශූරතාව හිමි විය.

NOC ප්රශ්නය උඩුදුවයි: නුවන් තුෂාර සහ ක්‍රිකට් ආයතනය අතර නීතිමය සටන අධිකරණයෙන් ඇරඹෙයි!
දිනේෂ් චන්දිමාල් ක්‍රිකට් පිටියට යළි අභියෝග කරයි! යෝග්‍යතා පරීක්ෂණයේ තීරණය කුමක්ද?
ශ්‍රී ලංකා ක්‍රිකට් තරු වලට කණ කොකා හඬයි! ක්‍රීඩකයින්ට අලුත් අභියෝගයක්!
චාමිකගේ DNA ටෙස්ට් එකට මොකද වෙන්නේ? ලේ දෙන්න බෑ කියද්දී උසාවියේ දිගහැරුණු අලුත්ම කතාව මෙන්න!
ප්‍රබල IPL ක්‍රීඩකයෙක්ට බරපතල ස්ත්‍රී දූෂණ චෝදනා කිහිපයක්
අවිශ්ක ශ්‍රි ලංකා ක්‍රිකට් හැර යයි