විරෝධතාවක් නොමැති බවට වන සහතිකය (NOC) ලබා නොදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ඇති වූ ආරවුල දැන් අධිකරණය දක්වා ගොස් තිබේ. 2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියට සහභාගී වීම සඳහා අත්‍යවශ්‍ය වන මෙම සහතිකය ලබා දෙන ලෙස නියෝග කරන්නැයි ඉල්ලා ඔහු කොළඹ දිසා අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කර ඇත.
කරුණු සලකා බැලූ අධිකරණය මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන ලෙස දන්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති, ලේකම් ඇතුළු ඉහළ නිලධාරීන් සිව්දෙනෙකුට නොතීසි නිකුත් කිරීමට නියෝග කළේය.
මෙම වසරේ IPL තරගාවලිය සඳහා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායම විසින් රුපියල් කෝටි ගණනක මුදලකට ඔහුව තෝරාගෙන තිබුණද, යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වූ බව පවසමින් ක්‍රිකට් ආයතනය ඔහුට අවසර පත්‍රය ලබා දීම ප්‍රතික්ෂේප කර තිබුණි.
කෙසේ වෙතත්, නුවන් තුෂාර පෙන්වා දෙන්නේ සිය කොන්ත්‍රාත් කාලය මාර්තු 31 වනදායින් අවසන් වූ බවත්, තමන් තවදුරටත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ රැඳී නොසිටින බවට මීට පෙර දැනුම් දී ඇති බැවින් මෙම අවසරය ලබා නොදීම අසාධාරණ බවයි


ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න නව පුහුණුකරුවන් දෙදෙනෙක්
දිනේෂ් චන්දිමාල් ක්‍රිකට් පිටියට යළි අභියෝග කරයි! යෝග්‍යතා පරීක්ෂණයේ තීරණය කුමක්ද?
ශ්‍රී ලංකා ක්‍රිකට් තරු වලට කණ කොකා හඬයි! ක්‍රීඩකයින්ට අලුත් අභියෝගයක්!
චාමිකගේ DNA ටෙස්ට් එකට මොකද වෙන්නේ? ලේ දෙන්න බෑ කියද්දී උසාවියේ දිගහැරුණු අලුත්ම කතාව මෙන්න!
ප්‍රබල IPL ක්‍රීඩකයෙක්ට බරපතල ස්ත්‍රී දූෂණ චෝදනා කිහිපයක්
අවිශ්ක ශ්‍රි ලංකා ක්‍රිකට් හැර යයි