පකිස්ථාන වේග පන්දු යවන සුපිරි ක්‍රීඩක නසීම් ෂා සහ එරට ක්‍රිකට් පාලක මණ්ඩලය අතර දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබෙන්නේ ඔහු විසින් සිදු කළ බව කියන ආන්දෝලනාත්මක සමාජ මාධ්‍ය ප්‍රකාශයක් හේතුවෙනි.
පන්ජාබ් ප්‍රාන්ත මහ ඇමතිනී මරියම් නවාස්ව දැඩි ලෙස විවේචනය කරමින් නසීම් ෂාගේ නිල ගිණුමෙන් පළ වූ සටහනක් පාදක කර ගනිමින් පකිස්ථාන ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙකුට පැනවූ දැවැන්තම දඩය නියම කිරීමට පාලක මණ්ඩලය පියවර ගෙන ඇත. ඒ අනුව පකිස්ථාන රුපියල් මිලියන 20ක (ඇමෙරිකානු ඩොලර් 72,000කට ආසන්න) මුදලක් ඔහුට දඩ ලෙස ගෙවීමට සිදු වන අතර, එය ඔහුගේ මාස අටක කොන්ත්‍රාත්තු වැටුපට සමාන අගයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අදාළ සටහන ප්‍රසිද්ධ වී කෙටි වේලාවකින් එය ඉවත් කිරීමට නසීම් ෂා පියවර ගත් අතර, තමන් එවැනි කිසිදු සටහනක් පළ නොකළ බවත් කිසියම් පිරිසක් තම ගිණුමට අනවසරයෙන් ඇතුළු වී (Hack) මෙය සිදු කර ඇති බවත් පවසමින් ඔහු තමන් නිවැරදිකරු බව ප්‍රකාශ කර සිටියි. කෙසේ වෙතත් ඔහුගේ මෙම කරුණු දැක්වීම් ප්‍රතික්ෂේප කර ඇති පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය, විනය පියවරක් ලෙස මෙම දැඩි දඩය ක්‍රියාත්මක කර තිබේ.


ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න නව පුහුණුකරුවන් දෙදෙනෙක්
NOC ප්රශ්නය උඩුදුවයි: නුවන් තුෂාර සහ ක්‍රිකට් ආයතනය අතර නීතිමය සටන අධිකරණයෙන් ඇරඹෙයි!
දිනේෂ් චන්දිමාල් ක්‍රිකට් පිටියට යළි අභියෝග කරයි! යෝග්‍යතා පරීක්ෂණයේ තීරණය කුමක්ද?
ශ්‍රී ලංකා ක්‍රිකට් තරු වලට කණ කොකා හඬයි! ක්‍රීඩකයින්ට අලුත් අභියෝගයක්!
චාමිකගේ DNA ටෙස්ට් එකට මොකද වෙන්නේ? ලේ දෙන්න බෑ කියද්දී උසාවියේ දිගහැරුණු අලුත්ම කතාව මෙන්න!
ප්‍රබල IPL ක්‍රීඩකයෙක්ට බරපතල ස්ත්‍රී දූෂණ චෝදනා කිහිපයක්