ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අවිශ්ක ගුණවර්ධන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෑතකදී සිදුකළ පුහුණුකරු මාරුවීම් සහ නව පත්වීම් හමුවේ ඔහු මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් දක්ෂතා මධ්‍යස්ථානයේ (HPC) පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක අවිශ්ක ගුණවර්ධන මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. මීට මූලිකම හේතුව වී ඇත්තේ ඔහුගේ පුහුණුකාරීත්වයේ වගකීම් වෙනස් කිරීමට ක්‍රිකට් ආයතනය ගත් පියවරයි.
එතෙක් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ගුණවර්ධන මහතාව, මෑතකදී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ පුහුණුකරු ලෙස අනුයුක්ත කිරීමට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබුණි.
‘ඒ’ කණ්ඩායම සමඟ කටයුතු කරමින් සිටියදී ඔහුව නැවතත් යොවුන් කණ්ඩායම වෙත යොමු කිරීම මෙම ඉල්ලා අස්වීමට ආසන්නතම හේතුව වී ඇති බව ක්‍රීඩා අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ දක්වා ඔහුගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර, ‘ඒ’ කණ්ඩායම හෝ 19න් පහළ කණ්ඩායම සඳහා මීළඟට පත් කරන පුහුණුකරුවන් කවුරුන්ද යන්න පිළිබඳවද මෙතෙක් අනාවරණය වී නොමැත.


ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න නව පුහුණුකරුවන් දෙදෙනෙක්
NOC ප්රශ්නය උඩුදුවයි: නුවන් තුෂාර සහ ක්‍රිකට් ආයතනය අතර නීතිමය සටන අධිකරණයෙන් ඇරඹෙයි!
දිනේෂ් චන්දිමාල් ක්‍රිකට් පිටියට යළි අභියෝග කරයි! යෝග්‍යතා පරීක්ෂණයේ තීරණය කුමක්ද?
ශ්‍රී ලංකා ක්‍රිකට් තරු වලට කණ කොකා හඬයි! ක්‍රීඩකයින්ට අලුත් අභියෝගයක්!
චාමිකගේ DNA ටෙස්ට් එකට මොකද වෙන්නේ? ලේ දෙන්න බෑ කියද්දී උසාවියේ දිගහැරුණු අලුත්ම කතාව මෙන්න!
ප්‍රබල IPL ක්‍රීඩකයෙක්ට බරපතල ස්ත්‍රී දූෂණ චෝදනා කිහිපයක්