Menu

ස්ත්‍රී දූෂණ චෝදනා නිසා IPL අහිමි වූ ක්‍රීඩකයාට වැඩ වරදී .

124

පසුගිය වසරේ ශූරතාවය දිනූ කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයකු වූ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක යෂ් දයාල්ගේ ක්‍රිකට් දිවිය මේ වන විට දැඩි අවදානමකට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

පසුගිය වසරේ ජූලි මාසයේ සිට ඔහුට එරෙහිව එල්ල වී ඇති බරපතල ස්ත්‍රී දූෂණ චෝදනා කිහිපයක් හේතුවෙන් එළඹෙන අයි පී එල් තරගවාරය ඔහුට සම්පූර්ණයෙන්ම අහිමි වී තිබේ. තරුණියන් කිහිපදෙනෙකු විසින් ඔහුට එරෙහිව ගොනු කර ඇති මෙම නඩුකරයන් නිසා පසුගිය ඉන්දීය පළමු පෙළ තරගවාරය ද ඔහුට අහිමි වූ අතර, වත්මන් තත්ත්වය හමුවේ මෙම චෝදනාවලින් නිදහස් වීම ඔහුට දැඩි අසීරු කරුණක් වී ඇත.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කළමණාකාරීත්වය ප්‍රකාශ කර ඇත්තේ ඔහුගේ කොන්ත්‍රාත්තුව මේ දක්වා නිල වශයෙන් අවලංගු නොකළ ද, පවතින විනය විරෝධී චෝදනා හේතුවෙන් ඔහුව කණ්ඩායමට එක් කරගැනීමේ කිසිදු සූදානමක් නොමැති බවයි.


Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *