Menu

ලකුණු 553ක ලෝක වාර්තාවක් සමඟ අනුරාධපුරයෙන් කොළඹට ආ සුපිරි තරුව

287

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන වාර්තාවකට හිමිකම් කියන අතිදක්ෂ වමත් පිතිකරු දනිදු සෙල්ලප්පෙරුම, කොළඹ ආනන්ද විද්‍යාලය නියෝජනය කරමින් යළිත් වරක් මෙරට ක්‍රිකට් ප්‍රජාවගේ දැඩි අවධානය දිනා ගැනීමට සමත්ව තිබේ.

2022 වසරේදී අනුරාධපුර ශාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් ක්‍රීඩා කරමින්, අනුරාධපුර ලයිසියම් ජාත්‍යන්තර පාසලට එරෙහිව පන්දු 204ක් තුළ නොදැවී ලකුණු 553ක් රැස් කරමින් ඔහු තැබූ වාර්තාව තවමත් මෙරට පාසල් ක්‍රිකට් පිටියේ ඕනෑම වයස් කාණ්ඩයක පිතිකරුවෙකු ලැබූ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස අභියෝගයකින් තොරව පවතී. හතරේ පහර 63ක් සහ හයේ පහර 31කින් වර්ණවත් වූ එම ඉනිම එදා නවෝද් පරණවිතාන තබා තිබූ ලකුණු 409 වාර්තාව සුනුවිසුනු කළේ මුළු රටේම අවධානය අනුරාධපුරය දෙසට යොමු කරවමිනි.

දනිදුගේ මෙම අසමසම දක්ෂතාවය හඳුනාගත් කොළඹ ආනන්ද විද්‍යාලය ඔහුව සිය විද්‍යාලයට ඇතුළත් කරගත් අතර, අනුරාධපුරයේදී අතුල රෝහණ පුහුණුකරු යටතේ ලැබූ පන්නරය කොළඹදී නව තාක්ෂණය සමඟ මුසු කිරීමට දනිදු සමත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස 2026 වසරේ පැවති ආනන්ද – නාලන්ද මහා ක්‍රිකට් සටනේදී අවාසනාවන්ත ලෙස ලකුණු 4කින් ශතකය අහිමි වුවද, ඔහු රැස් කළ ලකුණු 96ක ඉනිම විචාරකයින්ගේ නොමඳ පැසසුමට ලක්විය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *