චාමිකගේ DNA කතාවට උසාවියේදී අලුත් හැරවුමක්! කැමැත්ත නැතුව ලේ ගන්න බෑ කියද්දී, විජයදාස රාජපක්ෂ දුන්න උත්තරේ මෙන්න…………………………………………………………………………………………………..
ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට එරෙහිව ගුවන් නියමුවරියක් දාපු පීතෘත්ව නඩුව අද (මාර්තු 31) කොළඹ දිසා අධිකරණයේදී ආයෙත් කැඳෙව්වා. මේකෙදි ප්‍රධාන ප්‍රශ්නය වුණේ චාමිකගේ ලේ සාම්පල අරගෙන DNA පරීක්ෂණයක් කරන එක ගැනයි. මේ සම්බන්ධයෙන් ලිඛිතව කරුණු දක්වන්න දෙපාර්ශවයටම මැයි 13 වෙනිදා වෙනකම් උසාවියෙන් කල් දුන්නා.
නඩුවේ පසුබිම:
ගුවන් නියමුවරියක් වෙන සෙව්වන්දි සේනාධීර තමයි මේ පෙත්සම දාලා තියෙන්නේ. ඇය කියන්නේ තමන්ගේ දරුවාගේ තාත්තා චාමික කරුණාරත්න කියලයි. ඒක නීත්‍යානුකූලව තහවුරු කරන්න චාමිකගේ ලේ සාම්පල අරන් DNA පරීක්ෂණයක් කරන්න නියෝගයක් දෙන්න කියලා ඇය උසාවියෙන් ඉල්ලලා තියෙනවා.
චාමිකගේ පාර්ශවයෙන් කියන කතාව:
අද උසාවියේදී චාමික වෙනුවෙන් කතා කරපු ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක කිව්වේ, කෙනෙක්ගේ කැමැත්තක් නැතුව බලෙන් ලේ සාම්පල අරන් DNA ටෙස්ට් කරන්න කියලා නියෝග නිකුත් කරන්න උසාවියට බලයක් නැහැ කියලයි. ඒ නිසා චාමිකගේ කැමැත්ත අනිවාර්යයි කියලත්, මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න කියලත් ඔහු උසාවියෙන් ඉල්ලුවා.
ගුවන් නියමුවරියගේ පාර්ශවයෙන් දුන්න උත්තරය:
හැබැයි පැමිණිලිකාරිය වෙනුවෙන් පෙනී හිටපු ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මේකට දුන්නේ වෙනම උත්තරයක්. එයා කිව්වේ, මීට කලින් දවසක මේ නඩුව අහද්දී චාමිකගේ පාර්ශවයේ කනිෂ්ඨ නීතිඥවරියක් මේ DNA ටෙස්ට් එකට විරුද්ධ නැහැ කියලා උසාවියටම කියලා තියෙනවා කියලයි. ඒ මදිවට, ළමා හා කාන්තා කාර්යාංශයට කටඋත්තරයක් දෙද්දීත් චාමික මේ පරීක්ෂණයට එකඟයි කියලා ප්‍රකාශ කරලා තියෙනවාලු.
ඒ නිසා චාමිකගේ කැමැත්ත මේ වෙනකොටත් ප්‍රකාශ වෙලා ඉවර නිසා, පරීක්ෂණය කරන්න ඕනේ රසායනාගාරය තීරණය කරලා කෙලින්ම නියෝගයක් නිකුත් කරන්න කියලා විජයදාස රාජපක්ෂ මහතා උසාවියෙන් ඉල්ලලා හිටියා.
දැන් මේ නඩුවේ දෙපැත්තම ලිඛිතව කරුණු දක්වන්න ඕනේ මැයි 13 වෙනිදාටයි.


ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න නව පුහුණුකරුවන් දෙදෙනෙක්
NOC ප්‍රශ්නය උඩුදුවයි: නුවන් තුෂාර සහ ක්‍රිකට් ආයතනය අතර නීතිමය සටන අධිකරණයෙන් ඇරඹෙයි!
දිනේෂ් චන්දිමාල් ක්‍රිකට් පිටියට යළි අභියෝග කරයි! යෝග්‍යතා පරීක්ෂණයේ තීරණය කුමක්ද?
ශ්‍රී ලංකා ක්‍රිකට් තරු වලට කණ කොකා හඬයි! ක්‍රීඩකයින්ට අලුත් අභියෝගයක්!
ප්‍රබල IPL ක්‍රීඩකයෙක්ට බරපතල ස්ත්‍රී දූෂණ චෝදනා කිහිපයක්
අවිශ්ක ශ්‍රි ලංකා ක්‍රිකට් හැර යයි