බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ නවසීලන්තය කණ්ඩායම අතර අද පැවැත්වෙන 2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 26වන තරගයේ ලකුණු 13කින් ජය ලබාගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්වුණා.
කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.
ඒ අනුව පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20තුළ කඩුලු 9 දැවී 149 රැස් කරනු ලැබුවා.
මුල් පෙළ පිතිකරුවන් ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාමත් සමඟ බිඳ වැටුණු නවසීලන්ත ඉනිමට යම්කිසි ජීවයක් එක් කරදීමට ශෙෆර්න් රදර්ඩර් සමත් වුණා.
කොදෙව් ඉනිමේ මුල් කඩුළු 5 ලකුණු 30ක් තුළ දැවී ගිය අතර 18වන පන්දුවාරය වන විට කොදෙව් ඉනිමේ කඩුළු 9ක් දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුණා.
නමුත් සටන්කාමී ඉනිනක් දියත් කළ Rutherford පන්දු 39කින් ලකුණු 68ක් රැස් කළේ හයේ පාර 6ක් හා හතරේ පහර 2ක් සමගින්.
පන්දු යැවීමේදී trent boult ලකුණු 16කට කඩුළු 3ක් දවා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට පන්දු වාර 20 අවසානයේ කඩුළු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 136ක් පමණයි.
නොසිලන්ත ඉන්නේ වැඩිමල් ලකුණු ලාභියා බවට පත් පත් පුද්ගලයන් පේලික්ස් පන්දු තිස්තුන්ගෙන් ලකුණු 40ක් ලබා ගත් අතර ආරම්භක පිතිකරු ෆින් ඇලන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 26කි.
විශිෂ්ට පන්දු යැවීමක නිර්ත වූ අල්සාරී ජෝසප් කඩුලු හතරක් බිඳ හෙලුවේ ලකුණු 19ක් පමණක් ලබා දෙමිනි.
මෙම පරාජයත් සම සුපිරි අට දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලැබීමේ නවසීලන්ත කණ්ඩායමේ බලාපොරොත්තු දැඩි අවධානමකට ලක්ව තිබෙනවා.

NOC ප්රශ්නය උඩුදුවයි: නුවන් තුෂාර සහ ක්‍රිකට් ආයතනය අතර නීතිමය සටන අධිකරණයෙන් ඇරඹෙයි!
දිනේෂ් චන්දිමාල් ක්‍රිකට් පිටියට යළි අභියෝග කරයි! යෝග්‍යතා පරීක්ෂණයේ තීරණය කුමක්ද?
ශ්‍රී ලංකා ක්‍රිකට් තරු වලට කණ කොකා හඬයි! ක්‍රීඩකයින්ට අලුත් අභියෝගයක්!
චාමිකගේ DNA ටෙස්ට් එකට මොකද වෙන්නේ? ලේ දෙන්න බෑ කියද්දී උසාවියේ දිගහැරුණු අලුත්ම කතාව මෙන්න!
ප්‍රබල IPL ක්‍රීඩකයෙක්ට බරපතල ස්ත්‍රී දූෂණ චෝදනා කිහිපයක්
අවිශ්ක ශ්‍රි ලංකා ක්‍රිකට් හැර යයි