Menu

නවක ඇමරිකානුවන් දකුණුව අප්‍රිකාවට තියුණු තරඟයක් ලබාදෙයි! අවසන් මොහොතේදී ජය ගිලිහෙයි!

487

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ පළමු තරගයෙන්ඇ මෙරිකා එක්සත් ජනපදය පරදා ලකුණු 18 ක ජයක් ලැබීමට දකුණු අප්‍රිකා කණ්ඩායම අද (19) සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය ජයගත් ඇමෙරිකානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට දකුණු අප්‍රිකා කණ්ඩායමට ආරාධනා කළා.

දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 194 ක් රැස් කළේය.

අප්‍රිකාව වෙනුවෙන් ක්වෙන්ටන් ඩී කොක් පන්දු 40 කින් ලකුණු 74 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇමෙරිකාවට පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 176 ක් පමණි.

ආරම්භක පිතිකරු Andries Gous සටන්කාමී ඉනිමක් දියත් කරමින් පන්දු 47 කින් ලකුණු 80 ක් නොදැවී රැස් කරමින් සිය කණ්ඩායම ජයග‍්‍රහනය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත විය.

පන්දු යැවීමේදී ඇමෙරිකානු කණ්ඩායමට ප්‍රබල තර්ජනයක් එල්ල කළ කාගිසෝ රබාඩා ලකුණු 18 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිමේ දහ අටවන පන්දුවාරය අවසන් වන තෙක්ම තරගයේ ජයග්‍රහණය දෙපිලටම දෝලනය වෙමින් පැවතියත් තරගයේ 19 වන හා අවසන් පන්දුවාරයේදී තරගයේ ජය දකුණු අප්‍රිකාව දෙසට දෝලනය විය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *