2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ පළමු තරගයෙන්ඇ මෙරිකා එක්සත් ජනපදය පරදා ලකුණු 18 ක ජයක් ලැබීමට දකුණු අප්‍රිකා කණ්ඩායම අද (19) සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය ජයගත් ඇමෙරිකානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට දකුණු අප්‍රිකා කණ්ඩායමට ආරාධනා කළා.
දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 194 ක් රැස් කළේය.
අප්‍රිකාව වෙනුවෙන් ක්වෙන්ටන් ඩී කොක් පන්දු 40 කින් ලකුණු 74 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇමෙරිකාවට පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 176 ක් පමණි.
ආරම්භක පිතිකරු Andries Gous සටන්කාමී ඉනිමක් දියත් කරමින් පන්දු 47 කින් ලකුණු 80 ක් නොදැවී රැස් කරමින් සිය කණ්ඩායම ජයග‍්‍රහනය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත විය.
පන්දු යැවීමේදී ඇමෙරිකානු කණ්ඩායමට ප්‍රබල තර්ජනයක් එල්ල කළ කාගිසෝ රබාඩා ලකුණු 18 කට කඩුලු 3 ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිමේ දහ අටවන පන්දුවාරය අවසන් වන තෙක්ම තරගයේ ජයග්‍රහණය දෙපිලටම දෝලනය වෙමින් පැවතියත් තරගයේ 19 වන හා අවසන් පන්දුවාරයේදී තරගයේ ජය දකුණු අප්‍රිකාව දෙසට දෝලනය විය.

NOC ප්රශ්නය උඩුදුවයි: නුවන් තුෂාර සහ ක්‍රිකට් ආයතනය අතර නීතිමය සටන අධිකරණයෙන් ඇරඹෙයි!
දිනේෂ් චන්දිමාල් ක්‍රිකට් පිටියට යළි අභියෝග කරයි! යෝග්‍යතා පරීක්ෂණයේ තීරණය කුමක්ද?
ශ්‍රී ලංකා ක්‍රිකට් තරු වලට කණ කොකා හඬයි! ක්‍රීඩකයින්ට අලුත් අභියෝගයක්!
චාමිකගේ DNA ටෙස්ට් එකට මොකද වෙන්නේ? ලේ දෙන්න බෑ කියද්දී උසාවියේ දිගහැරුණු අලුත්ම කතාව මෙන්න!
ප්‍රබල IPL ක්‍රීඩකයෙක්ට බරපතල ස්ත්‍රී දූෂණ චෝදනා කිහිපයක්
අවිශ්ක ශ්‍රි ලංකා ක්‍රිකට් හැර යයි