මෙවර පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ඝනිස්තානය සමග අද (23) පැවැති තරගයේදී කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් සමත් වුණා.
ඔහු මින් පෙර බංග්ලාදේශය සමග ක්‍රීඩා කළ තරගයේදීද කඩුලු ත්‍රිත්වයක් බිද හෙලීමට සමත් විය.
ඒ අනුව ඔහු ඉතිහාසගත වූයේ අඛණ්ඩව ජාත්‍යන්තර විස්සයි විස්ස තරග දිවිත්වයකදී කඩුලු ත්‍රිත්වය බැගින් බිඳ හෙලූ පළමු පන්දු යවන්නා ලෙසයි.
මින් පෙර ඕනෑම ආකාරයක ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක(ටෙස්ට්, එක්දින, විස්සයි 20) අඛණ්ඩව තරග දිවිත්වයකදී කඩුලු ත්‍රිත්වයක් බිඳ හෙළා ඇත්තේ වසීම් අක්‍රම් පමණි.
ඔහු 1999 වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග දෙකකදී කඩුලු ත්‍රිත්වයන් බිඳ හෙළීමට සමත් විය.
එමෙන්ම පැට් කමින්ස් ඉතිහාසගත වූයේ විස්සයි 20 ජාත්‍යන්තර තරගවලදී කඩුලු ත්‍රිත්වයන් දෙකක් දවා ගෙන ඇති 5 වැනි පන්දු යවන්නා ලෙසයි.

NOC ප්රශ්නය උඩුදුවයි: නුවන් තුෂාර සහ ක්‍රිකට් ආයතනය අතර නීතිමය සටන අධිකරණයෙන් ඇරඹෙයි!
දිනේෂ් චන්දිමාල් ක්‍රිකට් පිටියට යළි අභියෝග කරයි! යෝග්‍යතා පරීක්ෂණයේ තීරණය කුමක්ද?
ශ්‍රී ලංකා ක්‍රිකට් තරු වලට කණ කොකා හඬයි! ක්‍රීඩකයින්ට අලුත් අභියෝගයක්!
චාමිකගේ DNA ටෙස්ට් එකට මොකද වෙන්නේ? ලේ දෙන්න බෑ කියද්දී උසාවියේ දිගහැරුණු අලුත්ම කතාව මෙන්න!
ප්‍රබල IPL ක්‍රීඩකයෙක්ට බරපතල ස්ත්‍රී දූෂණ චෝදනා කිහිපයක්
අවිශ්ක ශ්‍රි ලංකා ක්‍රිකට් හැර යයි