කුමාර සංගක්කාර කියන්නේ අද අපේ රටේ විතරක් නෙමෙයි මුලු ලෝකයම ගරු කරන ක්‍රිකට් පිටියෙන් බිහි වුනු සැබෑම මහත්මයෙක්. ඔහු මගේ රටට ලෝක කුසලානයක් දිනා දීපු වීරයෙක්. එතැනින් එහාට ගිහින් රට වෙනුවෙන් ඔහු ලබාදුන්නු පෞද්ගලික ජයග්‍රහණ දෙස බැලුවහොත් එය ඉතා සුවිශේෂී ය. සංගා ජාත්‍යන්තර පිටියට පැමිණි මුල් කාලේ ලොකු පිතිකරුවෙක් නොවුනත්, මේ හැමදේම ඔහු ලබා ගන්නේ ඔහුගේ ස්වයං උත්සහයෙන්. ICC වසරේ එක්දින ක්‍රීඩකයා, වසරේ ටෙස්ට් ක්‍රීඩකයා, වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා මෙන්ම වසර කිහිපයකම ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් වලට ඇතුළත් වෙමින් ඔහු ඉහළම දස්කම් දැක්වීය. අවසානයේ ICC විසින් සීමිත ක්‍රීඩකයින් පිරිසකට පමණක් ලබා දෙන ICC Hall of Frame සම්මානයටත් ඔහු හිමිකම් ලැබීය.
නමුත් මේ ගමන පහසු වූයේ නැත. මුල් කාලේ ඔහු ක්‍රීඩකයෙක් ලෙස අසාර්ථක වනවිට බොහෝ ප්‍රේක්ෂකයන් ඔහුව දැඩි ලෙස විවේචනය කළේය. ඒ කාලේ සංගට සමහරු “ගන්දස්කාර” කියලා පවා උපහාස කළා. හැබැයි ඔහු ඒ සියල්ල මැද නතර වුනේ Legendary Cricket Career එකක් රට වෙනුවෙන් සනිටුහන් කරමිනි. ජාත්‍යන්තර පිටියෙන් සමු අරන් කාලයක් එංගලන්ත කවුන්ටි ක්‍රිකට් ගහද්දීත් සමහරු සංගට බැන්නා. තව කාලයක් රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න තියෙද්දි ඇයි කවුන්ටි ක්‍රිකට් ගහන්නේ කියලා ඔවුන් ප්‍රශ්න කළා.
හැබැයි සංගා Instagram, Facebook, හෝ Twitter වල පෝස්ට් දාලා රැගුවේ නෑ. තමන් රට වෙනුවෙන් කළ දේවල් ගැනවත්, ලෝක කුසලාන ගැනවත්, අරවා මේවා කිය කියා තමන්ව විවේචනය කරපු ප්‍රේක්ෂකයන්ට කිසිදු චෝදනාවක් එල්ල කළේ නැ. ඔහු අවබෝධ කරගෙන හිටියා ප්‍රේක්ෂකයන් හොදට කරද්දී හොද කියනවා වගේම අසාර්ථක වනවිට විවේචනය කරන බව. ඒ මොනවා උනත් ප්‍රේක්ෂකයන් මේ ක්‍රීඩාවට ආදරෙයි කියලා සංගා හොඳින්ම දැනගෙන හිටියා. ප්‍රේක්ෂකයන් නැත්නම් තමන්ට තමන්වත්, කොටින්ම මේ ක්‍රීඩාවටවත් පැවැත්මක් නෑ කියලා ඔහු විශ්වාස කළා.
අවුරුදු 15ක් රට වෙනුවෙන් උපරිම වැඩ කොටසක් කරලා, රට වෙනුවෙන් වාර්තා ගොඩාක් එක්ක ලෝක කුසලාන පවා දිනලා අදටත් රසිකයින්ගේ හදවතේ ක්‍රිකට් වල සැබෑ මහත්මයෙක් විදිහට ඔහු ඉහලින්ම ගෞරවය ලබනවා. සංගා විතරක් නෙමෙයි, මහේල වුනත් එහෙමයි. පුහුණු උපදේශක වෙලා ශ්‍රී ලංකා කන්ඩායම එක්ක ඉද්දී අපි තරග පරදිද්දී මහේලට මිනිස්සු මොන තරම් බැන්නද? හැබැයි මහේල කවදාවත් තමන් මුම්බායි ඉන්ඩියන්ස් වලට කරපු දේවල් හෝ ක්‍රීඩකයෙක් විදිහට කරපු දේවල් කිය කිය ප්‍රේක්ෂකයන් විවේචනය කරන්න ගියේ නෑ. ඒ තමයි සැබෑ ලෙජන්ඩ්ස්ලා. ඕනම ක්‍රීඩකයෙක්ට ඔහුගේ ක්ෂේත්‍රයේ දක්ෂයෙක් වෙන්න පුළුවන්. හැබැයි ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් ලෙජන්ඩ් කෙනෙක් වෙන්න බැ. කොටින්ම මේ ක්‍රිකට් ක්‍රීඩාවේ නියම මහත්මයෙක් වෙන්න හැම හාල්පාරුවටම බැ. අන්න ඒකයි මේ ක්‍රීඩාවට මහත්මාවරුන්ගේ ක්‍රීඩාව කියලා කියන්නේ




ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න නව පුහුණුකරුවන් දෙදෙනෙක්
NOC ප්රශ්නය උඩුදුවයි: නුවන් තුෂාර සහ ක්‍රිකට් ආයතනය අතර නීතිමය සටන අධිකරණයෙන් ඇරඹෙයි!
දිනේෂ් චන්දිමාල් ක්‍රිකට් පිටියට යළි අභියෝග කරයි! යෝග්‍යතා පරීක්ෂණයේ තීරණය කුමක්ද?
ශ්‍රී ලංකා ක්‍රිකට් තරු වලට කණ කොකා හඬයි! ක්‍රීඩකයින්ට අලුත් අභියෝගයක්!
චාමිකගේ DNA ටෙස්ට් එකට මොකද වෙන්නේ? ලේ දෙන්න බෑ කියද්දී උසාවියේ දිගහැරුණු අලුත්ම කතාව මෙන්න!
ප්‍රබල IPL ක්‍රීඩකයෙක්ට බරපතල ස්ත්‍රී දූෂණ චෝදනා කිහිපයක්