Menu

විශිෂ්‍ට වේග පන්දුයවන ක්‍රීඩක චමින්ද වාස්ගෙන් සැර ප්‍රකාශයක්

36

ක්‍රිකට් ක්‍රීඩාවට ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ අත්‍යවශ්‍ය වුවත් එය සලකා බැලීමට තිබුණේ මීට කලකට පෙරදී බව හිටපු ශ්‍රීි ලංකා ක්‍රීඩක චමින්ද වාස් පවසනවා.

සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ හදිසියේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ අනිවාර්ය කිරීම තුළින් පෙනීයන්නේ සැලසුම්වල දුර්වලතාවය බවයි.

වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සලකා බලන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට කිලෝමීටර් දෙක දුර ධාවනය ඇතුළු අංග 5කට ලකුණු ලබාදෙන අතර, සමත්වීමට ලකුණු 17ක් ලබාගත යුතුයි.

මේ අතර IPL තරගාවලියට සහභාගී වීමට ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට ඉදිරිපත්ව අසමත් වූ නුවන් තුෂාරට යළි අවස්ථාවක් ලබා දීමට ද තීරණය කර තිබෙනවා.

“ පසුගිය වසර හතරක පමණ කාලය පුරාවටම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ ශාරීරික යෝග්‍යතා ප්‍රමිතීන් නොසලකා හැර තිබුනා.

මා මීට පෙර බොහෝ වතාවක්ම පවසා තිබූ පරිදි ක්‍රිකට් ක්‍රීඩාවේදී ශාරීරික යෝග්‍යතාවය අතිශයින් වැදගත්, ඒ ගැන කිසිම සැකයක් නැහෑ.

නමුත් වසර ගණනාවක් එය නොසලකා හැර, හිටිහැටියේම IPL තරගාවලියට ආසන්නව මෙවැනි දැඩි නීති ක්‍රියාත්මක කරන්න ඔබට බැහෑ. දැන් ක්‍රීඩකයෙකුට (කණ්ඩායමෙන්) ඉවත් වීමට සිදුවීම විනය පවත්වා ගැනීමේ දුර්වලකමකට වඩා, දුර්වල සැලසුම්කරණයක ප්‍රතිඵලයක් ලෙසයි හැඟෙන්නේ.”

චමින්ද වාස් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් දක්වා ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *