Menu

පාසල් ක්‍රිකට් පිටියේ අලුත්ම ලෝක වාර්තාව මෙන්න මොරටුව කම්පා කළ ත්‍රිත්ව නායකයාගේ අසමාන්‍ය පිතිහරඹය

141

අන්තර් පාසල් වයස 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය යටතේ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සමඟ පැවැත්වෙන තරගයේ දී සුපිරි පිතිහරඹයක නිරත වූ ත්‍රිත්ව විද්‍යාලයීය නායක දිමන්ත මහවිතාන, ලෝක වාර්තාගත ඉනිමක් ක්‍රීඩා කරමින් ක්‍රිකට් ඉතිහාස පොත් අලුත් කිරීමට සමත් විය.

වේල්ස් කුමර පන්දු යවන්නන් සම්පූර්ණයෙන්ම අසරණ කළ දිමන්ත, සිය විශ්මිත ත්‍රිත්ව ශතකය සඳහා වැය කළේ පන්දු 258ක් පමණක් වීම කැපී පෙනේ. ඔහුගේ ප්‍රහාරාත්මක ඉනිම පුරාවටම ප්‍රේක්ෂකයින් මවිතයට පත් කළ අලංකාර පහරවල් රැසක් දැකගත හැකි වූ අතර,

සිය ඉනිම හතරේ පහර 36ක් සහ දැවැන්ත හයේ පහර 5කින් වර්ණවත් කිරීමට ඔහු සමත් විය. මෙම ඉනිම පාසල් ක්‍රිකට් ඉතිහාසයේ අමරණීය මතකයක් ලෙස ඉතිරි වනු නිසැකය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *